ගා/ මැටිවිලිය ශ්‍රී මේධානන්ද කණිටු විදුහල් මාතාවගේ ජන්ම දින සැමරුම වෙනුවෙන් 2022.01.07 දින පැවැත් වූ උත්සවය හා දානමය පිංකම
වසර 68ක් පුරාවට දහස් ගණනක් දරුවනගේ දෑස් පෑදූ ගුරු මව්නි මේධානන්ද ඔබටයි මේ උත්තමාචාරය
මේධානන්ද ගුරු මව්ගේ ජන්ම දිනය උත්කර්ෂවත්ව, හා ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් 2022.01.07 දින ගරු විදුහල්පති පූජ්‍ය අක්මීමන ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම හා ආශීර්වාදය යටතේ පාසල් භූමියේදී පවත්වන්නට යෙදුනි.
පාසලේ සේවය කර මියගිය සියලු දෙනාහට පිං අනුමෝදන් කිරීම හා විශ්‍රාම ගිය ගුරු විදුහල්පති සියලුම දෙනාටත් ආශීර්වාද කිරීම සිදුකෙරින.
දැනට පාසල් මාතාවට පණ පොවන නූතන ගුරු මණ්ඩලය හා අනධ්‍යයන කාර්‍යමණ්ඩලය මෙන්ම පාසලේ දරු දැරියන්ගේ හා දෙමාපියන්ගේ මහඟු සහයෝගය හා කැපවීම මත සියලු කටයුතු සාර්ථක කරගැනීමට හැකිවිය. වෙහෙස මහන්සි වී කටයුතු කළ සියලු දෙනාට ස්තූතිය පුදකරන අතර, සියලු දෙනාගේ කැපවීම එකමුතුකම මැටිවිලිය මේධානන්ද මාතාව සැමදා බබළවන්නට හේතු වනු නොවනුමානය..
"යෝ සීලවා සීලවන්තේසු දදානී දානං
ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති භ්‍රෑමිති.."
යම් කෙනෙක් සිල්වන්තව සීල්වතුන් හට දානයක් දෙනවානම්,දැහැමින් ලද දානයක් දෙනවානම්,අතිශයින්ම ප්‍රසන්න සිතින් යුතුව දානයක් දෙනවානම්, එම දානය මහත්ඵල මහානිසංස වන විපුල වූ උදාර පුන්‍ය ඵලයක් ලැබෙන මහත් අනුසස් දෙන දානයක් ය....
මේ සියල්ලගේම සාර්ථක බව මැටිවිලිය ශ්‍රී මේධානන්ද මාතාවගේ එකමුතුකමේ සංකේතයයි
මේධානන්ද මාතාව සදා වැජඹේවා
Img 20220321 Wa0030
Img 20220310 Wa0022
Img 20220310 Wa0021
Fb Img 1647842105125
Fb Img 1647842119972
Fb Img 1647842078748
Fb Img 1647842109434
Fb Img 1647842127855
Fb Img 1647842125425
Fb Img 1647842084473
Fb Img 1647842073448
Fb Img 1647842122427
Fb Img 1647842099150
×