• (+94) 071-9020513
  • [email protected]
Sri Medhankara M.V.

ගා/ මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

මැටිවිලිය, පිටිගල

  • Register
  • Login
Sri Medhankara M.V.

ගා/ මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

මැටිවිලිය, පිටිගල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය හා සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරුන්
      • ආදි විදුහල්පතිවරු
    • පාසලේ අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම හා මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • නිල ඇඳුම
      • පාසලේ නිවාස
    • පාසලේ විනය නීති
  • අධ්‍යයන
    • විෂයමාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්ය මණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායකයින්
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • පුවත් හා විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංවිධාන
  • ගැලරිය
  • අප හා සම්බන්ධවන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය හා සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරුන්
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය හා සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

අතීතයේ ඇමතිවරයෙක්‌ ස්නානය කරන ලද විලක් තිබූ හෙයින් නැති ගේ විල නමින් ප්‍රචලිතව පසුව මැටිවිලිය නම් වූ මෙම ප්‍රදේශය 50 දශකය වන විට අධ්‍යාපනය ලබන වයසේ පසු වූ එහෙත් විධිමත් අධ්‍යාපනයක් ලැබීමට පාසලක් නොමැති කමින් පීඩාවට පත්ව සිටි ගම්වැසියන් ගේ දුක හඳුනාගත් පූජ්‍ය මැටිවිලියේ ශ්‍රී ගිරිමානන්ද නායක හිමියන් විසින් 1954.01.07 වන දින මෙම පාසල ආරම්භ කෙරිණි.

පාසලේ ආරම්භක අවස්ථාවේ පාසල් කළමනාකරු ලෙස පූජ්‍ය මැටිවිලියේ ගිරිමානන්ද නාහිමියන් ඒ සිට පිළිවෙලින් මහත්ම මහත්මීන් පාසල ඉදිරියට ගෙන ආ අතර 1962.11.19 දින එවකට විදුහල්පති සිටි කාරියවසම් කරුණාසේන මහතා විසින් පාසල රජයට පවරා දෙන ලදී. අනතුරුව විදුහලට නායකත්වය එස්. රාජපක්ෂ මිය, ධර්මදාස මහිලන්ගේ මයා, එල්. එච්. කාරියවසම් කරුණා සේන මයා, ඩී. එම්. වික්‍රමසිංහ මයා, ඩී. එම්. අතුකෝරල මයා, එන්. කේ. චන්ද්‍රදාස මයා, එම්. සී. වීරසිංහ මිය විදුහලට නායකත්වය දුනි.

එම්. කේ. සීලවතී මෙනවියගේ කාලයේදී මෙම විද්‍යාලය මැටිවිලිය පන්සල ඉදිරිපිටට ගෙන යාමත් සමග විදුහලේ ගමන්මග නව මගකට යොමු විය. 1 වසර සිට 5 වසර දක්වා පන්ති පැවතියත් ප්‍රමාණවත් ගුරු මණ්ඩලයක් නොසිටි බැවින් 1989 නව පත්වීම් ලත් ගුරුවරු සිව් දෙනෙක් ලැබීමෙන් පාසලේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට හැකිවිය. ප්‍රථම වරට 1996 වසරේ දී ශිෂ්‍යත්වය විභාගය සමත් වීම විදුහල ලැබූ ජයග්‍රහණයක් විය. එම්. කේ. සීලවතී මෙනවිය වසර 16 ක කාලයක් සේවය කළ අතර විදුහල් ඉතිහාසයේ වැඩිම කාලයක් සේවය කළ විදුහල්පතිවරිය ලෙස ඉතිහාසයට එක් වී ඇත.

ඉන් අනතුරුව විදුහල්පති ලෙස කටයුතු කළ එන්. ඩබ්ලිව්. විජේසිංහ මහතා සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පුරෝගාමී වරයෙකු ලෙස කටයුතු කළේය. භෞතික මෙන් ම  අධ්‍යාපනික සංවර්ධනය කෙරෙහි උනන්දු වූ මෙතුමාගේ යුගයේ දී පැවති එකම ගොඩනැගිල්ලට යාබදව තවත් පන්ති කාමර දෙකක් ඉදි විය. පාසල ඉදිරිපිට මිදුල සර්වෝද ව්‍යාපාර අනුබද්ධිතව පැමිණි විදේශික කණ්ඩායමක් ලවා ගොඩ කරවා සකස් කරවීය. පාසල සියළු අංශයන්ගෙන් නව මඟකට පිවිසි කාලයක් ලෙස මෙතුමා ගේ කාලය දැක්විය හැක. මෙතුමාගේ වසර 12 ක සේවා කාලය නිම වීමත් සමඟම පාසලේ විදුහල්පති ලෙස වැඩ භාර ගනු ලැබුවේ මාලනී කාරියවසම් මහත්මිය යි.

මෙතුමියගේ කාලයේ පාසලට නල ජල පද්ධතියක්  සංගමයේ අනුග්‍රහය ඇතිව සැකසුණි. යසවතී ජයසිංහ මහත්මියගේ පරිත්‍යාගයන් රත්නපාල හා පුෂ්පානන්ද පුතුන්ට පිං පිණිස රත්න පුෂ්ප පුස්තකාලයද ගුරුමණ්ඩලයේ හා අවට ප්‍රජාවගේ සහභාගිත්වයෙන් බුදු මැදුරක් ද ගරු ශාන් විජයලාල් මැතිතුමාගේ ප්‍රතිපාදන යටතේ දෙමහල් ගොඩනැගිල්ලක් ද ඉදි කෙරිණි.

වර්තමානයේ දී පාසලේ විදුහල්පති වශයෙන් පූජ්‍ය අක්මීමන ධම්මකිත්ති හිමි විසින් පාසලේ අධ්‍යාපනය හා දරු දරුවන්ගේ අනාගතයේ නව මං පෙතකට රැගෙන යාම සඳහා  නායකත්වය ලබා දෙයි. 

 

ආරම්භ කළ වර්ෂය

1954 ජනවාරි 07

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

45

මුල් ගුරුතුමාගේ නම

ඩී.පී.හෙට්ටිආරච්චි මයා 

පාසලේ ආදි කතෘගේ නම

පූජ්‍ය මැටිවිලියේ ගිරිමානන්ද නාහිමියන්

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ගා/මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල 

පාසල භාරව කටයුතු කිරීම

එස්.රාජපක්ෂ මිය

පාසල රජයට පවරාගත් දිනය

1962 නොවැම්බර් 19

පාසල පැවැත්වූ ස්ථානය

මැටිවිලිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානය 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඊ.කේ.සෝමපාල 

 
Sri Medhankara M.V.

ගා/ මැටිවිලිය ශ්‍රී මේධානන්ද කනිටු විදුහල

මැටිවිලිය, පිටිගල

Usefull Links

  • අපේ පාසල ගැන
    • පාසලේ ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • පාසලේ විනය නීති
  • අධ්‍යාපන
    • විදුහල්පති
    • ශිෂ්‍ය කාර්ය සාධනය
    • සිසු ඇතුළත් කරගැනීම්
  • විශේෂ අවස්ථා සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංවිධාන

Contact us

  •  ලිපිනය මැටිවිලිය, පිටිගල
  •  දුරකථන(+94) 0719020513

Supported By

© 2026 Sri Medhankara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk